විද්‍යාලය තුළ විෂය සමගාමී ක්‍රියාකාරකම් උසස් මට්ටමක පවතී


බාලදක්ෂ ව්‍යාපාරය,බාලදක්ෂිකා ව්‍යාපාරය,ශාන්ත ජෝන් ගිලන් රථ අංශය,පරිසර භට නියමු,ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඇතුළු අංශ ගණනාවක් පැවැත්වේ
 වාර්ෂික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකයි.වාර්ෂික මහා ක්‍රිකට් තරගය,කළා උළෙල ,වාණිජ්‍ය දිනය ,විද්‍යා දිනය,පාසල් සාහිත්‍ය උත්සවය,ක්‍රීඩා උළෙල,වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය,සිසු සංවර්ධන හා ගුරු සංවර්ධන නේවාසික වැඩමුළු,ශිෂ්‍ය නායක වැඩමුළු ඉන් කිහිපයකි.

දරු දැරියන්ගේ හපන්කම් ඔප් නංවමින් නිවැරදි මාවතකට ඔවුන් යොමු  කරවමින් කටයුතු කරන ආචාර්ය මණ්ඩලයක් ,පාසලට හිතැති දෙමව්පියන් හා සියලුම කාර්යයන්ට අත හිත දෙන ආදී ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ දායකත්වය හේතුවෙන් විදුහල දිනෙන් දින දිදුලමින් ඉදිරියට පැමිණ ඇත.

No comments:

Post a Comment