c.w.w කන්නන්ගර ශ්‍රීමතාණන් ආරම්භ කළ මුල්ම මධ්‍ය විද්‍යාල 54 න් එක් සුවිශේෂ  මධ්‍ය විද්‍යාලයක් වන කරන්දෙණිය ජාතික පාසල 2010,2011 දෙවසර තුළ ප්‍රමුඛ පාසලක් බවට පත්වීමට හැකියාව ලබා ඇත.

රන් විදු නැණ ගොවි පෑ සර-2011

රන් විදු නැණ ගොවි පෑ සර-2011 අධ්‍යාපනික,කෘෂිකාර්මික හා වෙළඳ ප්‍රදර්ශනය විදුහල් භූමිය පුරා අක්කර 134 පරිශ්‍රය තුළ පැවැත්වුනි. 

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ජයග්‍රහණ



 පාසල් ක්‍රිකට් කණ්ඩායම

                      ඉතිහාසයේ ප්‍රථම වරට සමස්ත ලංකා විශ්වාසනීයම ක්‍රිකට් කණ්ඩායම වීම.
                      ඉතිහාසයේ ප්‍රථම වරට දකුණු පළාත් හොඳම ක්‍රිකට් කණ්ඩායම වීම.
                      ඉතිහාසයේ ප්‍රථම වරට මධ්‍ය  විද්‍යාල ක්‍රිකට් තරඟාවලියේ ශූරයින් බවට පත්වීම.

විද්‍යාලය තුළ විෂය සමගාමී ක්‍රියාකාරකම් උසස් මට්ටමක පවතී


බාලදක්ෂ ව්‍යාපාරය,බාලදක්ෂිකා ව්‍යාපාරය,ශාන්ත ජෝන් ගිලන් රථ අංශය,පරිසර භට නියමු,ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඇතුළු අංශ ගණනාවක් පැවැත්වේ

බිග් මැච්

ආනන්ද විද්‍යාලය සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර 2010 සහ 2011 යන වසර වල පැවති බිග් මැච්  තරගයන්හි ජයග්‍රහණය අප විද්‍යාලයට හිමිවුණි. 
මෙම වසර දෙකෙහිම නායකත්වය දැරුවේ සුදීර ක්‍රීඩකයාය.